ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශ තුළ අද දිනයේ විවෘත කළ ඔසු සැල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ස්ථාන අද රාත්‍රී 8.00 වන විට වසා දැමිය යුතු බවත් නැවතත් හෙට දිනයේ පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ඇති බවත් නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.
එම වෙළඳසැල්වලට ගමන් කිරීමේදි තම නිවස ආසන්නයේ ඇති ස්තානයට යන ලෙසත් වෙනත් ස්ථානවලට යන්නේ නම් එය ඇඳිරි නීතිය කඩ කිරීමක් සෙ සලකන බවත් ඔහු පැවැසීය.
වෙළඳසැල් වලට පැමිණෙන අය සෞඛ්‍ය සිරිත් අනුගමනය කළ යුතුයි බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් වෙළඳසැල් විසින් ලබාදිය යුතු බවත් ඒ මහතා පැවැසීය.
පෝලීම්වල රැඳී සිටීමේ සමාජ දුරස්ථභාවය රැකෙන අයුරින් කටයුතු කිරීම අනිවාර්ය බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.