රජයේ රෝහල් වල දැනට භාවිත කරන ඇනලොග් එක්ස් කිරණ ජායාරුප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50ක් ඩිජිටල් විකරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට හා ජංගම ඩිජිටල් එක්ස් කිරණ යන්ත්‍ර 25ක් ලබාගැනීට රජය තීරණය කර තිබේ.
බෙල්ජියම් රජයෙන් ලැබෙන සහන මූල්‍ය ක්‍රමය යටතේ ලැබෙන අරමුදල් භාවිත කරමින් මෙම කටයුතු සිදුකිරීමට නියමිතය.
රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළැඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්රතිඵලායකම තාක්ෂණික ක්‍රමවේදය බවට හඳුනාගෙන ඇත.