“ ඇත්තෙන්ම මට අවශ්‍ය ධිවරයින්ට ලබාදිය හැක්කේ කුමක්ද ඒ සියල්ල ධිවරයින්ට ලබා දීමයි . ඒ වෙනුවෙන් මම කැපවෙනවා . ඉදිරි මාස කීපය තුල ධිවර ජනතාවට කඩිනමින් ලබාදිය හැකි සහන ලබාදීමට මම කටයුතු කරමින් සිටිනවා .” යනුවෙන් ධිවර හා ජලජ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.
ඔහු මේ පිළිබඳව සඳහන් කළ සිටියේ ධීවර රැකියාවේ නිරතව සිටියදී බෝට්ටුව නැවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ධීවරයින් දෙදෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ට රක්ෂණ වන්දි ප්රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද පැවති අවස්ථාවේදි ඊට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
“ මේ වෙලාවේ මම කියන්න ඕනේ කවුරු අකමැති වුනත් ඇතැම් සමාගම් සෑම විටම උත්සහ කලේ මේ ධිවර ජනතාවට හිමි දේ නොදෙන්න . වාහනයක් රක්ෂණය කරන්නේ ඇයි . හදිසි අනතුරකදී සහනයක් ලබාගැනීමට . නමුත් ඒ අයිතිය මෙතෙක් ධිවරයට හිමි වී තිබුනේ නැහැ . නමුත් නියම වෙලාවට ධිවරයාගෙන් වාරිකය ලබාගන්නවා . මේ නිසා මම නව රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට කොන්දේසි ගණනාවක් අපේ ධිවර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා .
ඒ අතර දැනට රක්ෂණ හිමිකම් ලබන වයස් ප්‍රමාණය වසර 05කින් වැඩි කිරීම . යම් අනතුරකට ලක්ව රැකියාවට යාමට නොහැකි ධිවර පවුල් වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිම බාධාවකින් තොරව කරගෙන යාමට ආධාර කිරීමේ වැඩපිළිවෙලක් . ඒ සඳහාත් මේ රක්ෂණ ක්‍රමය යටතේ රැකවරණය ලැබෙනවා . ”
“ ඒ නිසා මෙලෙස රක්ෂණ වන්දි හිමිවන අයගෙන් මම ඉල්ලන්නේ එකම දෙයයි . මේ මුදල දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මෙන්ම ජීවත්වීමට ආදායම් මාර්ගයක් උපයාගැනීමට යොදාගන්න කියලයි .” යයි ද පැවසිය .