පුත්තලම කල්අඩිය ප්රදේශයේ මාර්ගය හරහා ගමන් කල ඇතෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ඊයේ (19දා) සවස පහර දී ඇති නමුත් එම පහරදීමෙන් ඔවුන් බේරී තිබේ.
ෙකොට්ටුකච්චිය කිවුල කටුව හා නොච්චියාගම පහල මාරගහවැව පදිංචි තරුණයින් දෙදෙනෙක් මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
ඔවුන් යතුරු පැදියකින් කොට්ටුකච්චිය කිවුල කටුව ගම්මානයේ සිට පුත්තලම බලා එමින් සිටියදී කල්අඩිය කන්ද ආසන්නයේදී ඇතේකු එකවර මාර්ගය මාරු වී ඇති අතර එහිදි මෙම තරුණයින් දෙදෙනා ඇතාට කොටුවි ඇති බව වනජිවි නිළධාරින් පවසයි.
ඒ සමගම ඇතා එකවර යතුරු පැදියට පහර දි තරුණයින් දෙදෙනා පගා දමන්නට එක් තරුණයකු පහරක් එල්ල කර ඇති බව කියයි.
ඒ සමග සිද්ධිය දුටු ප්රදේශවාසින් මහා හඩින් කෑ ගැසිම සිදුව ඇති අතර එයට කලබල වු ඇතා තරුණයින් දෙදෙනාට පහර දිම නවතා අට්ටවිල්ලුව රජයේ රක්ෂිතයට පැන ගිය බව ගම්වැසියන් පවසයි.
VIDEO