ගාලු කොටුවේ පිහිටි ඇගලුම් කම්හලක සේවකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
මෙකි ඇගලුම් කම්හලේ සේවය කළ මහලියවත්ත ප්‍රදේශයේ සේවකයින් 05 දෙනෙකුට, බද්දේගම ප්‍රදේශයේ 03නෙකුට, බෝපේ පොද්දල ප්‍රදේශයේ එක් අයෙකුට, රත්ගම ප්‍රදේශයේ එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි.
වෛරසය ආසාදනය වු සේවකයින් අතර සේවකයින් මෙන්ම සේවිකාවන්ද සිටින බැව් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මෙකි ආසාදිතයින්ගේ සියලුම ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බවද හෙතෙම පවසයි. මෙකි ඇගලුම් කම්හලේ සේවය කළ මකුළුව ප්‍රදේශයේ කාන්තාවකට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.
මිට දින කිහිපයකට පෙර ඇගලුම්කම්හල වසා දැමිමට තින්දුකළ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර