Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ලෝකයේ අනෙකුත් රටවල සතුන් ආහාර විනාශ කරයි නම් එම සතුන් විනාශ කරන බවත් එහෙයින් ලංකාවේද එය ක්‍රියාත්මක කළ යුතු බව සිය අදහස වන්නේ යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (16දා) කොළඹදී පැවැති වැඩසටහනකදී මේ බව පැවැසූ ජනපතිවරයා පෙන්වා දුන්නේ ලංකාවේ ආහාරවලින් තුනෙන් එකක් සතුන් විනාශ කරන බවයි. එසේම ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුවේ බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අපේ රටේ වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුවේ කියන එක අපි කවුරුවත් දන්නවා. පාර්ලිමේන්තුවෙ හදන ආහාර බෝහෝ වෙලාවට ඒ දිනට අවශ්‍ය මන්ත්‍රීවරු නෑ. බොහෝ වෙලාවට මන්ත්‍රීවරු හිටියත් ඒ අය පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැතිව යනවා. මම අඛණ්ඩව අවුරුදු 27ක් පාර්ලිමේන්තුවේ සිටි නිසාත් දැනුත් යන එන නිසාත් මම ඒක හොඳින්ම දන්නවා.
අපේ රටේ නිශ්පාදනය කරන ආහාරවලින් 3න් එකක් සතුන් විනාශ කරනවා. මම නිව්යෝක්වලදී ජාත්‍යන්තර ආහාර ප්රතිප්තිත් පර්යේෂණ ආයතනයේ විධායක අධ්යක්ෂවරයා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී මම ඔහුගෙන් විමසීමක් කළා ඔබගේ අත්දැකීම් මොකක්ද ලෝකයේ අනෙක් රටවල ආහාර සතුන් විනාශ කරන සතුන් ගැන කියලා.
ඔහු එකවරම කිව්වේ ඒ සතුන් විනාශ කරනවා කියලා. අපේ රටේ බෞද්ධ සංස්කෘතිය, හින්දු සංස්කෘතිය ප්රමුඛ කොට ගනිමින් සතුන් විනාශ කිරීම ප්‍රතික්ෂේප කරන නිසා බොහෝ විට අපේ රටේ මිනිසුන්ට කන්න තියෙන ආහාර සත්තු කනවා වගේම ඒ සතුන්ගෙන් සිදුවන හානියත් වැඩියි.
නමුත් මේ තත්ත්වය එන්න එන්න වර්ධනය වෙනවා. ඒ නිසා ලංකාවෙත් අනෙක් රටවල්වල ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය අවශ්‍යයි කියන එක තමයි මගේ නම් හැගීම.
මේ පිළිබඳව නොයෙකුත් විවේචන එන්න පුළුවන්. මිනිසුන් බඩගින්නේ ඉඳලා සතුන් ආහාර විනාශ කරන පසුබිමක් රටක ගොඩනැගෙන්න දෙන්න පුළුවන්කමක් නෑ.”
popular news
Daham Wednesday, 17 October 2018 12:33 PM
මේ විනාශය නැවත්වීමට ඔබතුමා කුමන පියවර ගත්තේද ?
Reply : 0 0
මරික්කාර් Wednesday, 17 October 2018 01:39 PM
සතුන් සහ පක්ෂීන් ඝාතනය කිරීමේ ආගමික මාර්ගෝපදේශ ප්‍රතිසංස්කරණය කිරීම කාලීන අවශ්යතාවයය්... ...
Reply : 1 1
Champa Wednesday, 17 October 2018 06:33 PM
මුස්ලිම් ආගම වෙනස් කරගැත්තහැකි නොකන මස් කන්න. හැබැයි බුද්ධාගමට අත තියන්න ආවොත් බලා ගත්තහැකි.
Reply : 1 0
Champa Wednesday, 17 October 2018 02:21 PM
මොන මිනීමරු කතාවක්ද? ජනාධිපති කට අරින්නේන්ම එක්කෝ මිනිස්සු මරන්න නැත්නම් සත්තු මරන්න. මුළු රටටම මූසලයි. සත්තු මේ විදිහට ආහාර කන්න ගත්තේ මේ ආණ්ඩුව ආවට පස්සෙද? අපි අනිත් රටවලින් වෙනස් වුනේ ස්වභාව ධර්මය එක්ක සතුන් එක්ක අපේ සම්පත් බෙදා හදා ගෙන ජීවත් වෙච්ච නිසා. අනිත් රටවල් සත්තු මරන්නේ ඒ රටවල ආගමට සත්තු මරණ එක විරුද්ධ නැති නිසා. මේ හදන්නේ මේ රට තවදුරටත් බෞද්ධ රටක් නෙමෙයි අනාගමික රටක් කරන්න. පන්සිල් පද පහේ පලවෙනි එකත් අමතක වෙලා දැන් සත්තු මරන්න කතා කරනවා. අපේ ගම්වල කොස් ගස් වල ඕනේ තරම් වඳුරෝ හිටිය. වඳුරෝ පවුල් පිටින් පැටව් එක්ක ගහෙන් ගහට පනිනවා. වරකා ගෙඩි දෙකක් තිබ්බොත් එකයි කඩන්නේ. අනික ගහේ ඉතුරු කරනවා වඳුරන්ට කන්න. ගස්ලබු ඉදිලා බව දන්නේ කපුටෝ කොටන කොට. ඒ වුනාට ගස්වල ඉදිච්ච ගෙඩි ඔක්කොම කඩන්නේ නැහැ. තාත්ත කියනව සත්තුන්න්ට කන්න ගස්වල ගෙඩි දෙක තුනක් ඉතුරු කරන්න කියල. අඹ කඩන කොටත් එහෙමයි. ඔක්කොම කඩන්නේ නැහැ. මෙහෙම තමයි හැම සිංහල බෞද්ධ දරුවෙක්ම හැදුනේ වැදුනේ. මිනිස්සුන්ට කන්න නැත්තේ මේ ආණ්ඩුව ඇවිල්ල රට උඩුයටිකුරු කරපු නිසා මිසක් සත්තු නිසා නෙමෙයි. රටේ ආර්ථික ප්‍රතිපත්තිය කෑවෙත් සත්තුද?
Reply : 4 8
athura Wednesday, 17 October 2018 03:34 PM
මෝඩ කතා කියන්න එපා මනුස්සයෝ ගොවිතැන් කරන මිනිහ විතරයි දන්නේ රිලව්ගෙන් වල් උරගෙන් වගාවට වෙන හානිය.ඔහෙලා වගේ මෝඩයෝ ඉන්නකන් මේ රට හදනවා බොරු.
Reply : 3 2
Champa Wednesday, 17 October 2018 06:31 PM
නිකම් යනවා හලෝ යන්න. යහපාලනය ආවට පස්සෙද සත්තු බෝග කන්න ආවේ? ඊට ඉස්සෙල්ල ආවේ නැත්ද? බඩගින්නට සත්තු ගම් වදින්නේ මිනිස්සු කිසි වග විභාගයක් නැතුව කැලා එලි කරගෙන සත්තුන්ට කෑම තියෙන වනාන්තර විනාශ කරපු නිසා කැලේ කෑම නැති නිසා. සත්තු මරන්නේ නැතුව බෝග බේරා ගන්න ඕනේ තරම් ක්‍රම තියෙනව. දැන් ඔක්කොම රිලවා ටිකයි වඳුරෝ ටිකයි දඬු ලේන්නු ටිකයි මරන්නද හදන්නේ? එතකොට කුරුල්ලෝ? උන්වත් ඔක්කොම මරනවද? වල් ඌරෝ මරන්න නම් දැන් අවසර දීලනේ තියෙන්නේ. තව මොක්කුද සත්තු ඉන්නේ? ඌරු මීයන්වත් මරනවද? අලිත් මරනවා. යහපාල ඇම්බට්ටයන්ටම හරියන ප්‍රතිපත්ති. මහ පොළොවත් කම්පා වෙයි සිංහල බෞද්ධ ශ්‍රී ලංකාව බඩගින්නට කෑම හොයන් යන අහිංසක සත්තු මර මරා ගොඩ ගහන කොට. ආයේ කිසි දවසක් ආගමක් නැති මිනිහෙක් ජනාධිපති විදිහට පත් කරන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම ලංකාවේ ජනාධිපති සිංහල බෞද්ධයෙක් වෙන්න ඕනේ.
1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd