ආසාදිතයින් හමුවු ප්‍රදේශ
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (16) දිනයේ 500 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,436 ක් වාර්තා විය.
ඒ අනුව ඊයේ දිනයේත් මෙරට දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තා වූ අතර ඉන් දිස්ත්‍රික්ක 8කම ආසාදිතයින් ගණන 100 යේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.
අඩුම ආසාදිතයින් සංඛ්‍යාවක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 3 කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 561ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 516ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 156ක්, කුරුණෑගල 137ක්, මඩකලපුව 134ක්, රත්නපුර 127ක්, පුත්තලම 121ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 103 ක් ලෙස ආසාදිතයින් හඳුනා ගැනුණි.
මීට අමතරව මහනුවර, ගාල්ල, අනුරාධපුර, මාතර, පොළොන්නරුව, අම්පාර, නුවරඑළිය, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, කිලිනොච්චිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මාතලේ සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් ද කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 230,692ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 34,232කි.
කොවිඩ් ආසාදිත තවත් මරණ 59ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,374ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා මෙරට තුළ සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (16) දිනයේදී එන්නත් මාත්‍රා 52,000කට අධික සංඛ්‍යාවක් ලබාදී තිබේ.
popular news
-
Dayan Thursday, 17 June 2021 12:42 PM
Why not they vaccinate people over 60? Wants to see more deaths?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

