කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 629ක් අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයන් අතරින් 09ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 588929ක් වෙයි.
මේ අතර තවත් කොවිඩ් මරණ 18ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ දිනයේදි සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.