මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (17) දිනයේ ගම්පහ සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඉහළ අගයක් ගෙන තිබුණි.
ඊයේ දිනයේදී දෛනික ආසාදිතයින් දිස්ත්‍රික්ක 23 කින් හඳුනාගැනුණු අතර එම සංඛ්‍යාව 2,433කි.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඊට අමතරව විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින්ගෙන් ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වූ බවය.
ඒ අනුව ඊයේ දිනයේදී දෛනික ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගැනුණු අතර එම සංඛ්‍යාව 677කි.
ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, නිට්ටඹුව, කඩවත, වත්තල, ජා ඇළ, දිවුලපිටිය යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණි.
පසුගිය දිනවල දෛනික ආසාදිතයින් 50කට අඩු සංඛ්‍යාවක් වාර්තා වූ මුලතිව් දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 255 ක් හඳුනාගැනීම විශේෂත්වකි.
ඊට අමතරව කොළඹින් 320ක්, කළුතරින් 315ක්, ගාල්ලෙන් 259ක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ ගල්කිස්ස, හෝමාගම, බොරලැස්ගමුව, මොරටුව,අතුරුගිරිය, කොට්ටාව යන ප්‍රදේශවලිනි
මීට අමතරව මාතර 84ක්, පොළොන්නරුව 82ක්, කුරුණෑගල 60ක්, රත්නපුර 56ක්, පුත්තලම 51ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 50ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 145,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 145,202කි.
ආසාදිතයින් 24,611 දෙනෙකු මේ වනවිටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 119,629 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.