මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 253 දෙනෙකු ඊයේ (18) හඳුනාගත් අතර ඉන් 204 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් වාර්තා වී තිබුණි.
මේ අතර, විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 49 දෙනෙකු ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 57 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
ආසාදිතයින් 33 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද 22 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන ඇති අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 20 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන තිබේ.
මේ අතර යාපනය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 4 දෙනෙකුට කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ඒ.කේදීෂ්වරන් මහතා සඳහන් කළේය.