ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 2,959 දෙනා ගෙන් 554 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මරදාන 51ක්, පිළියන්දල 44ක්, බොරැල්ල 30ක්, මොරටුව 25ක්, කුරුඳුවත්ත 17ක්, දෙමටගොඩ 16ක්, කැස්බෑව 36, කෙසෙල්වත්ත 27ක්, මුල්ලේරියාව 18ක් සහ කොට්ටාව 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 391ක් දෙනෙකු වාර්තා වී ඇත. නිට්ටඹුව 79ක්, කඩවත 43ක්, බියගම 26ක්, දිවුලපිටිය 15, කටාන 19ක්, කැලණිය 14ක්, රාගම 16ක්, වත්තල 39, වේයන්ගොඩ 17ක් සහ වැලිවේරිය 25ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 174 දෙනෙකු වාර්තා වී ඇත. වැලිපැන්න 29ක්, කළුතර - දකුණ 27ක්, මීගහතැන්න 23ක්, පානදුර - දකුණ 26ක් සහ අගලවත්ත 20ක් ලෙස වාර්තා වී ඇත.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 198 දෙනෙකු හඳුනා ගෙන ඇත. අම්බලන්ගොඩ 55ක්, හබරාදුව 25ක්, බෙන්තොට 13ක්, ගාල්ල 12ක් සහ උඩුගම 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
ඊයේ දිනයේදී අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 179 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් වැඩිම ආසාදිතයින් පිරිස මැදවච්චිය 59ක්, කැකිරාව 36ක්, අනුරාධපුරය 29ක් ලෙස වාර්තා වී ඇත.
මීට අමතරව මාතර 134ක්, කෑගල්ල 103ක්, මාතලේ 125ක්, නුවරඑළිය 167ක්, මහනුවර 105ක්, රතන්පුර 151ක්, පුත්තලම 152ක්, කුරුණෑගල 83ක්, යාපනය 60ක්, කිලිනොච්චි 23ක්, පොළොන්නරුව 24ක්, හම්බන්තොට 39ක්, මොණරාගල 27ක්, මඩකළපුව 31ක්, බදුල්ල 80ක්, අම්පාර 31ක්, මුලතිව් 13ක්, මන්නාරම 34ක්, වව්නියාව 07ක්, ත්‍රිකුණාමලය 60ක් සහ විදේශ ගතව සිට පැමිණි 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.