අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,581ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 127,487ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ ආසාදිතව සිටි 1,148ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 105,611ක් ලෙස වාර්තා විය.