වෙලිංටන්, අගෝස්තු 17 (රොයිටර්) - නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගින් දින තුනකට රට අඟුළු දැමීමට නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය කටයුතු කර තිබේ.
නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ්හි මෙම ආසාදිතයා වාර්තා වී ඇති අතර එය මාස හයකට පමණ පසුව නවසීලන්තයෙන් වාර්තා වූ පළමු ආසාදනය වෙයි.
බදාදා සිට මුළු නවසීලන්තයම දින තුනක් වසා දමන අතර ආසාදිත පුද්ගලයා ද කාලය ගත කළ වෙරළබඩ නගරයක් වන ඕක්ලන්ඩ් සහ කොරොමන්ඩල් දින හතක් අගුලු දමා ඇත.
නවසීලන්තයේ සිව්වැනි මට්ටමේ අගුලු දැමීම ක්‍රියාත්මක වීමත් සමග පාසල්, කාර්යාල සහ සියලුම ව්‍යාපාර වසා දමන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වේ.
"අපට හැකි ඉක්මනින් මෙයින් ගැලවීමට අපට කළ හැකි හොඳම දෙය නම් අමාරුම දෙය කිරීමයි. වෛරසය වේගයෙන් ඉදිරියට යන බව දකිනවාට වඩා පහත් මට්ටමට සහ පහළට යාම වඩා හොඳ යැයි යන පදනම මත අපි මෙම තීරණය ගත්තා” ඇය පැවසුවාය.
නව ආසාදනය ඩෙල්ටා ප්‍රභේද ආසාදනයක් යැයි උපකල්පනය කරන නමුත් මෙය තහවුරු කර නොමැති බව ඇය පැවැසීය.
නවසීලන්තය මේ දක්වා කොවිඩ් රෝගයට එරෙහිව සාර්ථක ප්‍රතිචාර දැක්වූ රටක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර එරටින් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 2500ක් පමණ වෙයි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 26කි.