වව්නියාව පාසලක 5 වසර ඉගෙනුම ලැබූ සිසු දරුවන් 24 දෙනෙකුට ශරීරයට බලපෑ ආසාත්මික තත්වයක් හේතුවෙන් වව්නියාව මහරෝහලට අද (06) ඇතුලත් කරනු ලැබීය.
අද දහවල් මෙම තත්වය ඇතිව තිබෙන අතර සිසු දරුවන්ගේ ඇඟ කැසීමට පටන් ගෙන ඇති අතර ඇතම් දරුවන්ට හුස්ම ගැනීමට පවා අසීරු වීමෙන් එම අවස්ථාවේදීම විදුහල්පති හා ගුරුවරුන් විසින් මාමඩුව ප්‍රාදේශීය රෝහලට දැනුම් දීමෙන් පසුව එම සිසු දරුවන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.
මෙතෙක් සිසු දරුවන්ට ඇති වූ ආසාත්මිකතාවයට හේතුව අනාවරනය වී නොමැත.
කෙසේ වෙතත් ආසාත්මික තාවය හේතුවෙන් වව්නියාව මහරෝහලට ඇතුලත් කරන ලද සිසු දරුවන්ගේ තත්වය බරපතල නොවන අතර සිසු දරුවන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු සාමාන්‍ය තත්වයට පත්වෙමින් සිටින බවටද වව්නියාව මහරෝහල වෛද්‍යවරුන් වැඩි දුරටත් පැවසීය.