යාපනයේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘ආවා’ කල්ලිය මුලිනුපුටා දැමීමට පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
පසුගිය මාස කිහිපයක් තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් යාපනයේ පමණක් සාමාජිකන් 35ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
එසේම ඔවුන් සන්තකයේ තිබූ තියුණු ආයුධ කිහිපයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උතුර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙවමීමෙන් ආවා කල්ලියේ සැකකරුවන් සොයා මේ වන විට මෙයෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි. ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සම්බන්ධ වී තිබේ.