ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන තෙක් පවුලකට රු 20000ක් දෙනවා - සජිත්
කොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය
ගාල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක මනුෂ නානායක්කාර මහතා විසින් සංවිධානය කළ රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.
“මේ ආණ්ඩුව අදක්ෂ ආණ්ඩුවක්. අකාර්යාක්ෂම ආණ්ඩුවක්. කොරෝනාවෙන් ඇතිවුණ ආර්ථික හානියෙන් රට මුදාගැනීමට සියයට හතරේ පොලීයට ණය ලබාදෙනවා කිව්වා. ඒ්ත් සියයට හතරේ පොලීයට ණය ගත්ත කවුරුවත් ඉන්නවාද? ඒ් වගේ අඩු පොලීයට ණය ගනිපු කවුරුවත් නෑ.
ලංකාවේ ආණ්ඩුව මේ විදියට රටේ ජනතාවට සැලකුවට වෙනත් රටවල ආණ්ඩු ජනතාවට සහන පොලීයට ණය මුදල් ලබාදෙනවා. අපේ රටේ ආණ්ඩුව ණය ලබාගැනීමට ඉඩම්වල ඔප්පු, ඇපකරුවන් ඉල්ලන්නේ මේ ණය ලබා නොදී සිටීමටයි. මේ ආකාරයට කටයුතු කරන්නේ ආණ්ඩුවට හිතක් පපුවක් නැති නිසයි. වැඩක් නොකරන ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වනවා.
මේ ආණ්ඩුව ජනතාව සම්බන්ධයෙන් කොතරම් වෛරයෙන් පසුවනවාද කියනවා නම් අවුරුද්දකට ඉන්ධන මිල වෙනස් නොකිරීමට තීරණය කර තිබෙනවා. හැබැයි ලෝකයේ තෙල් මිල පහළටම වැටෙනවා. දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තිබෙන්නේ තමන්ගේ රටේ බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් කියන්නේ ආඩම්බරයෙන්. පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ට කරන්න පුලවන් දේ ලංකාවේ ආණ්ඩුවට කරන්න බැරි ඇයි? ඉන්ධන මිල අඩු වන විට බඩු මිල අඩු වෙනවා. ජීවන වියදම අඩු වෙනවා. ජනතාවගේ අතේ මුදල් ඉතිරි වෙනවා. ජනතාවට සහන ලැබෙනවාට ආණ්ඩුව මේ තරම් විරුද්ධ ඇයි?
කොවිඩ් වසංගතය සමග ආණ්ඩුව ජනතාවට ලබාදෙන මූල්‍ය තක්සේරුව කොතරම්ද කියලා දැන් අනාවරණය වී තිබෙනවා. මේ රටේ හැම පවුලක්ම රජයට වටින්නේ රුපියල් පන්දාහයි. මේ පන්දාහ ලැබුණේ සමගි ජන බලවේගය කෑ ගහපු නිසා. හැමදාම ප්රවෘත්ති සාකච්ඡාවල ඔබ වෙනුවෙන් හඩ නැගුවා. මම ඇතුළු මගේ කණ්ඩායම ජනතාවට සහන ලබාදීම සදහා ආණ්ඩුවට බලපෑම් කළා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීම සදහා රුපියල් විසිදහයක් අවශ්‍යයි.
රුපියල් විසිදාහක් ලබාදෙනවා වෙනුවට නිකම්ම රුපියල් පන්දාහක් ලබාදුන්නා. මැතිවරණය නිසා තවත් රුපියල් පන්දාහක් ආණ්ඩුව දෙන්න පුලුවන්. අගෝස්තු පස් වැනිදාට ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබාගන්නා විට ආණ්ඩුව කළ හැකි කැපවීම් කරලා ආර්ථිකය තථා තත්වයට පත් වෙන තෙක් රුපියල් විසිදහස බැගින් ලබාදීමට කටයුතු කරනවා.
අපි මෙහෙම කියන විට රුපියල් දෙදහස් පන්සියකින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියන ධන රිණ ඇමැති මේකට සල්ලි කොහෙන්ද කියලා අහවි. මේ ආණ්ඩුව ඩොලර් ලක්ෂ හාරසීයක් වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවා. මේ සල්ලි අපි රුපියල් විසිදාහේ සහනාධාරය ලබාදීමට වෙන් කරනවා. දෙහිවල ගල්කිස්සේ මුහුදු වැලි ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ අටදහස් නමසීයක් ආණ්ඩුව වියදම් කරනවා. මේවා කිරීමට මේක වෙලාව නෙමෙයි. මේ වෙලාවේ කළ යුතු වන්නේ ජනතාවට ආර්ථික වශයෙන් සහනයක් ලබාදීමටයි.
අපේ රටේ ජනතාවට ලබාදුන් රුපියල් පන්දාහ ලබාගැනීමට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රී ළගට ගිහින් වැද වැටීමට සිදුවෙනවා. මේකට තමයි වහල් දේශපාලනය කියලා කියන්නේ. ජනාධිපතිවරණයේදීත් විදේශ ගත ශ්‍රමිකයින් ලංකාවට පැමිණ ඡන්දය ලබාදුන්නා. මේ අය ඡන්දය ලබාදීමට පැමිණෙන විට රට විරුවන් සේ ඔවුන්ට සැලකුවා. ඡන්දය ලබාදෙන විට රට විරුවන් සේ සලකපු අය දැන් කොවිඩ් බෝම්බකරුවන් බවට පත්වෙලා. සෞදි අරාබියේ, කටාර්වල, ඩුබායිවල අපේ රටේ ජනතාව අසරණ වී සිටිනවා. ආණ්ඩුව රට විරුවන්ට සලකන්නේ මෙහෙමයි. අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ විදේශ ගත ශ්‍රමිකයින් අපි ආරක්ෂා කරගන්නවා.
වෙනත් රටවල ආණ්ඩු රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට, රැකියා ආරක්ෂා කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේ වැඩසටහනක් ගැන අපේ රටේ ආණ්ඩුව හිතලවත් නෑ. මෙහෙම අපේ රටට ඉදිරියට යන්න බෑ. මේ විදියට යන්න බෑ. මිනිස්සුන්ට බඩඩු මිල, ජීවන වියදම උහුලන්න බෑ. අද බඩු මිල කොහොමද? සැමන්, පරිප්පු මිල පාලනය ඉවත් කරලා. මේ ආණ්ඩුව හිතක් පපුවක් නැති ආණ්ඩුවක්. මනුස්ස වර්ගයාට නොසකන ආණ්ඩුවක්. ගෝස්තු පස් වැනිදාට දුරකතනය ජයග්‍රහණය කරවීමෙන් පසුව මනුස්සකම රජයන, පොඩ් මනුස්සයට සලකන, මුළු ලංකාවේම රට වැසියා සුරකින රජයක් අපි බිහිකරනවා.
අපි ජනතාවගේ දුක හදුනන, පිරිසිදු රජයක් බිහි කරනවා. අපි ඩීල් දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා. අපිත් එක්ක කලින් හිටපු අය ආණ්ඩුවේ ඇමැතිකම්, තනතුරු ගන්න ගිවිසුම් අත්සන් කරලා ඉවරයි. අපිට තියෙන සියලුම ගිවිසුම් තියෙන්නේ ජනතාව සමගයි. අපිට ජනතාව සමග ඇතිකරගන්නා සමාජ ගිවිසුමක් තුළින් අපි ඇතිකරගන්නේ පොදු ජන අපේක්ෂාවන්. මේ නිසා අපි ළග බැංකු හොරු නෑ. අපි ළග හොර කප්පිත්තෝ නෑ. අනුරාධපුර ගමනෙන්ම මේ හොර කප්පිත්තෝ වෙන් වුනා. අපි ළග දක්ෂ හපන්කම් තියෙන අය ඉන්නවා. ඒ අයට ඔබගේ ශක්තිය අවශ්‍යයි.
දින පනස් දෙකේ ආණ්ඩුව හදපු වෙලාවේ නැවත වරක් බහුතරය ගොඩ නැගීමේ සටනේදී පළමු පියවර තියලා, ඒ ආණ්ඩුව පරාජය කිරීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේ මනුෂ නානායක්කාරයි. අගෝස්තු පස් වැනිදාට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවමින් පොදු ජන යුගයක් නැතත වරක් ආරම්භ කරනවා. ජන බලයෙන්, ජන ආශිර්වාදයෙන් අපි ආණ්ඩුවක් පිහිටුවනවා. අපි සිරිකොත වගකීමත් ඉන් පසුව භාරගන්නවා.”

popular news
-
Ravi Ratnam Monday, 22 June 2020 04:29 AM
Sajith Premadasa says he will increase the payment of Rs.5000 to Rs.20000. His economist Dr.Harsha Silva says Sri Lanka is peniless. Do not have to money to fund. Sajith Premadasa says he will address 1000 Meeting and challenging the opposition. with the 40 days to the election Sajith Premadasa had to speak 25 metting a day while there is ONLY 24 hours per day!!!!!!! These are some statements made during the election campainge. Do we elect a man in this caliber? people should think before casting votes to this type of people
Reply : 0 0
කෝ. දහනායක Monday, 22 June 2020 06:31 AM
දිළිදු පවුල් නගාසිටුවීමට සමෘද්ධිය ඇතිකලත් මෙතෙක්කල් සමහර නිළධාරීන් මිස වෙනත් කිසිදු කෙනෙක් සමෘද්ධිමත් බවක් නැහැ.ඒ වගේම ඔබතුමා කියන ආකාරයට මුදල්දීල ආර්ථිකය නංවන්නත් බැහැ හැමදාම වැඩක්පලක් නොකර ඒ කෙන්ම කන්න බලාවි.5000 ක් දීල බඩුමිළ මෙතරම් ඉහල ගියානම් 20000 ක් දුන්නොත් ලැබෙන එකා කාලාබීල හිටීව් නොලැබෙන වුන්ට මොකද වෙන්නේ හිතාගන්නවත් බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
