ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් රුපියල් විසිදහසක දීමනාවක් - සජිත්
කොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහයක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ගාල්ල සංවිධානය කළ රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය,
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මේ ආණ්ඩුවක් අදක්ෂ ආණ්ඩුවක්. අකාර්යක්ෂම ආණ්ඩුවක්. කොරෝනාවෙන් ඇතිවුන ආර්ථික හානියෙන් රට මුදාගැනීමට සියයට හතරේ පොලීයට ණය ලබාදෙනවා කිව්වා. ඒත් සියයට හතරේ පොලීයට ණය ගත්ත කවුරුවත් ඉන්නවාද? ඒ වගේ අඩු පොලීයට ණය ගනිපු කවුරුවත් නෑ. ලංකාවේ ආණ්ඩුව මේ විදියට රටේ ජනතාවට සැලකුවට වෙනත් රටවල ආණ්ඩු ජනතාවට සහන පොලීයට ණය මුදල් ලබාදෙනවා. අපේ රටේ ආණ්ඩුව ණය ලබාගැනීමට ඉඩම්වල ඔප්පු, ඇපකරුවන් ඉල්ලන්නේ මේ ණය ලබා නොදී සිටීමටයි. මේ ආකාරයට කටයුතු කරන්නේ ආණ්ඩුවට හිතක් පපුවක් නැති නිසයි. වැඩක් නොකරන ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වනවා.
මේ ආණ්ඩුව ජනතාව සම්බන්ධයෙන් කොතරම් වෛරයෙන් පසුවනවාද කියනවා නම් අවුරුද්දකට ඉන්ධන මිල වෙනස් නොකිරීමට තීරණය කර තිබෙනවා. හැබැයි ලෝකයේ තෙල් මිල පහළටම වැටෙනවා. දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තිබෙන්නේ තමන්ගේ රටේ බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් කියන්නේ ආඩම්බරයෙන්. පකිස්ථානයේ ඉම්රාන් ඛාන්ට කරන්න පුලවන් දේ ලංකාවේ ආණ්ඩුවට කරන්න බැරි ඇයි? ඉන්ධන මිල අඩු වන විට බඩු මිල අඩු වෙනවා. ජීවන වියදම අඩු වෙනවා. ජනතාවගේ අතේ මුදල් ඉතිරි වෙනවා. ජනතාවට සහන ලැබෙනවාට ආණ්ඩුව මේ තරම් විරුද්ධ ඇයි?
කොවිඩ් වසංගතය සමග ආණ්ඩුව ජනතාවට ලබාදෙන මූල්‍ය තක්සේරුව කොතරම්ද කියලා දැන් අනාවරණය වී තිබෙනවා. මේ රටේ හැම පවුලක්ම රජයට වටින්නේ රුපියල් පන්දාහයි. මේ පන්දාහ ලැබුණේ සමගි ජන බලවේගය කෑ ගහපු නිසා. හැමදාම ප්රවෘත්ති සාකච්ඡාවල ඔබ වෙනුවෙන් හඩ නැගුවා. මම ඇතුළු මගේ කණ්ඩායම ජනතාවට සහන ලබාදීම සදහා ආණ්ඩුවට බලපෑම් කළා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව හතර දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීම සදහා රුපියල් විසිදහයක් අවශ්‍යයි. රුපියල් විසිදාහක් ලබාදෙනවා වෙනුවට නිකම්ම රුපියල් පන්දාහක් ලබාදුන්නා. මැතිවරණය නිසා තවත් රුපියල් පන්දාහක් ආණ්ඩුව දෙන්න පුලුවන්. අගෝස්තු පස් වැනිදාට ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබාගන්නා විට ආණ්ඩුව කළ හැකි කැපවීම් කරලා ආර්ථිකය තථා තත්වයට පත් වෙන තෙක් රුපියල් විසිදහස බැගින් ලබාදීමට කටයුතු කරනවා.
අපි මෙහෙම කියන විට රුපියල් දෙදහස් පන්සියකින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියන ධන සෘණ ඇමැති මේකට සල්ලි කොහෙන්ද කියලා අහවි. මේ ආණ්ඩුව ඩොලර් ලක්ෂ හාරසීයක් වියදම් කරලා හදන්න යන ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවා. මේ සල්ලි අපි රුපියල් විසිදාහේ සහනාධාරය ලබාදීමට වෙන් කරනවා. දෙහිවල ගල්කිස්සේ මුහුදු වැලි ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ අටදහස් නමසීයක් ආණ්ඩුව වියදම් කරනවා. මේවා කිරීමට මේක වෙලාව නෙමෙයි. මේ වෙලාවේ කළ යුතු වන්නේ ජනතාවට ආර්ථික වශයෙන් සහනයක් ලබාදීමටයි.
අපේ රටේ ජනතාවට ලබාදුන් රුපියල් පන්දාහ ලබාගැනීමට පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රී ළගට ගිහින් වැද වැටීමට සිදුවෙනවා. මේකට තමයි වහල් දේශපාලනය කියලා කියන්නේ. ජනාධිපතිවරණයේදීත් විදේශ ගත ශ්‍රමිකයින් ලංකාවට පැමිණ ඡන්දය ලබාදුන්නා. මේ අය ඡන්දය ලබාදීමට පැමිණෙන විට රට විරුවන් සේ ඔවුන්ට සැලකුවා. ඡන්දය ලබාදෙන විට රට විරුවන් සේ සලකපු අය දැන් කොවිඩ් බෝම්බකරුවන් බවට පත්වෙලා. සෞදි අරාබියේ, කටාර්වල, ඩුබායිවල අපේ රටේ ජනතාව අසරණ වී සිටිනවා. ආණ්ඩුව රට විරුවන්ට සලකන්නේ මෙහෙමයි. අපේ ආණ්ඩුවක් තිබුණා නම් මේ විදේශ ගත ශ්‍රමිකයින් අපි ආරක්ෂා කරගන්නවා.
වෙනත් රටවල ආණ්ඩු රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට, රැකියා ආරක්ෂා කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේ වැඩසටහනක් ගැන අපේ රටේ ආණ්ඩුව හිතලවත් නෑ. මෙහෙම අපේ රටට ඉදිරියට යන්න බෑ. මේ විදියට යන්න බෑ. මිනිස්සුන්ට බඩඩු මිල, ජීවන වියදම උහුලන්න බෑ. අද බඩු මිල කොහොමද? සැමන්, පරිප්පු මිල පාලනය ඉවත් කරලා. මේ ආණ්ඩුව හිතක් පපුවක් නැති ආණ්ඩුවක්. මනුස්ස වර්ගයාට නොසකන ආණ්ඩුවක්. ගෝස්තු පස් වැනිදාට දුරකතනය ජයග්‍රහණය කරවීමෙන් පසුව මනුස්සකම රජයන, පොඩ් මනුස්සයට සලකන, මුළු ලංකාවේම රට වැසියා සුරකින රජයක් අපි බිහිකරනවා.

popular news
-
Kumar Sunday, 21 June 2020 07:30 PM
Her we go again. Sajith's nose must be getting longer and longer. Where can you borrow so much money to distribute. Already future generation too are up to their ears in debt. If Sajith wins and deliver the money as promised, most Sri Lankans will take the money and run to their banks and make a deposit. There has to be spending by the locals to stimulate the economy.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
