ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
ප.ව. 4.00ට ජනපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර එයට ආර්ථික විශේෂඥයින්, මහ බැංකු නිලධාරීන්, භාණ්ඩාරගාර නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව තිබේ.