ගෝලීය ආර්ථික අර්බුදය මේ වසරේදී අවසන් නොවන බවත් එය ලබන වසර දක්වා යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එසේම විදේශ විනිමය රටින් පිටට යෑම වැළැක්වීම සඳහා පළමු පියවර ලෙස අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම අඩුකිරීමට හෝ නැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට උපදෙස් දුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ඒ කාලයේදී කොටස් වෙළඳපොළට කිව්වා. හරි ඔයාට එන්න පුළුවන්, ගන්න පුළුවන්, ආපහු විකුණන්න පුළුවන් කියලා. මෙහෙම අරගෙන ආර්ථිකය පාරවල් හදලා එහෙම ඉදිරියට ගියා. මේ කාලයේදී මට මතකයි පාර්ලිමේන්තුවේදී මමත් හුඟක් අය කිව්වා. මෙහෙම මුදල් ගන්න එපා මේක දවසක් දා ඇමෙරිකාවට යනවා කියලා.
තාවකාලිකව එන්නේ. අර වැස්සට පාරේ යන ගමන් නවාතැන් ගත්තා වගේ. ඒ නිසා මෙතනට එන්න එපා. අපි විදේශ ආයෝජන හොයාගමු කිව්වා. ඒත් නෑ, ඇමෙරිකාවේ ආර්ථිකය නගින්නේ නෑ, හැමවෙලාවෙම තියෙනවා අපිට් ඕනෑ තරම් මුදල් මෙහේ තියාගන්න පුළුවන් කිව්වා.
ඉන්දියාව තහනම් කර තියෙනවා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ඉන්දියාවට ගෙන්වීම. මම මුදල් ඇමති සමග සාකච්ඡා කරලා, පළමු පියවර හැටියට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලංකාවට ගෙන එන එක අඩුකරන්න නැත්නම් නවත්වන්න.
එතුමා ඒ ගැන ක්‍රියාකරලා එතුමා ඒක ගැන කියයි. ගෝලීය ආර්ථික අර්බුදය මේ වසරේ ඉවර වෙන්නේ නෑ. එන අවුරුද්දෙත් යනවා. විටින් විට අපට මුහුණ දෙන්න සිදුවෙනවා. යුද්ධයක් වාගේ.”