වත්මන් දේශපාලන අර්බුදය ඉදිරියට යන සෑම දිනයකදීම රුපියල් මිලියන 2000කට අධික වැය බරක් ලංකාවේ ආර්ථිකයට ඇතිවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව මෙම ගැටලුව විසඳන තෙක් සෑම දිනයකදිම ශ්‍රී ලංකාවේ ජනතාවට අතිරේකව රුපියල් 100 බැගින් බර පැටවිමක් සිදුවන බවද ඔහු පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.