ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුනක පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ වෛරසය අසාදනය වී ඇත්තේ බංගදෙනිය කුම්බුටුකුලිය සහ කරුක්කුපනය පදිංචි පුද්ගලයින් තිදෙනෙකි. මෙම පුද්ගලයින් පෑලියගොඩ මාලූ වෙළඳ මධ්‍යස්ථානය සමග සෘජුවම ගනුදෙනු කරන පුද්ගලයින් බවට අනාවරණය වී ඇත.
මින් පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ මාලූ වෙළඳ මධ්‍යස්ථානයේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලදී කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති අතර එක් පුද්ගලයෙකු තම නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී වෛරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පුද්ගලයින්ගෙන් එක්අයෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර සෙසු පුද්ගලයින් අද දිනයේදී නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.
මෙම පුද්ගලයින්ගේ පවුල්වල පිරිස් සහ සමීපතමයින් එම නිවෙස්වලම ස්වයං නිරෝධායනයකට ලක්කර ඇති අතර මෙම පිරිස් යම් පුද්ගලයෙකු ඇසුරු කළේ නම් වහාම සෞඛ්‍ය අංශදැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටියි.
එමෙන්ම නියමිත සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පවත්වාගන යන ලෙසත් නිවසින් බැහැර වීමේදී අත්‍යාවශ්‍යම කටයුත්තකට පමණක් නිවසේ එක් අයෙකු පමණක් බැහැරට එන ලෙසත් එම කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.
ලලිත් නවරත්න