ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරෙද්දි අපේ රටේත් මේ ව්‍යසනයට මුහුණ දිමට ශ්‍රී ලංකික අපිට සිදුවු බවත් ඒහිදි එම වසංගතයෙන් රට මුදවා ගැනිමේ දි ත්‍රිව්ද හමුදාව සුවිශාල සේවාවක් ඉටු කල බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද (29) ඔහු මේ සඳහන් කර සිටියේය.
එහිදි යම් ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පිරිසක් පාලනය කර ගැනිමට යාමේදි නාවික හමුදාවේ පිරිසකට මේ වසංගතය වැළදි දැඩි අසිරුවතාවයකට පත්විමට සිදුවු බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
මේ හේතුවෙන් නිවාඩු ලබා නිවෙස් වෙත ගිය නාවික හමුදාව ඇතුළු ත්‍රිවිද හමුදාවේ නිලධාරින් නැවත ගෙන්වා ගැනිමට සිදුවු බවත් එයින් ඔවුන් හට දැඩි අසාධාරණයක් සිදු බවත් සඳහන් කළේය.
මේ හේතුවෙන් ඇත පිටිසර පළාත්වල ජිවත්වන පිරිස් මෙම නාවික හමුදාවේ සමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට දැඩි කොන්කිරිමකට පිඩාකාරි තත්ත්වයකට පත් කරන බවට ආරංචි ඇති බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.
රටේ ඔනෑම ව්‍යසනයකදි නායයෑමකදි, ගංවතුර තත්ත්වයකදි රටේ මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම ත්‍රිවිද හමුදාව දැඩි උත්සාහයෙන් යුතුව ක්‍රියා කරන බැවින් මෙවැනි තත්ත්වයකදි ඔවුන්ව මෙලෙස කොන් කිරිමකට ලක්නොකර ඔවුන් සමඟ ඔවුන්ගේ ජිවිත රැකගැනිම වෙනුවෙන් සිටින ලෙස තමා ආරක්ෂක ලේකම් වශයෙන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.