වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතම වගකීම දරන්නන් තිදෙනා බිහිකළ අභිමානවත් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (13) සපැමිණි අතර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම උත්සවයට 36 වසරක ගජබා රෙජිමේන්තු ඉතිහාසය තුල කටයුතු කළ රෙජිමේන්තු අධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටි අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල රෙජිමේන්තු අතරින් ප්‍රමුඛතම රෙජිමේන්තුවක් ලෙස ගජබා රෙජිමේන්තුව හැඳින්විය හැකිය. දශක තුනකට අධික කාලයක් රට ජාතිය ආරක්ෂා කරමින් පරාර්ථකාමී කැපකිරීම් කළ සාමාජිකයයින් රැසක් බිහිකළ රෙජිමේන්තුවක් ලෙස ගජබා රෙජිමේන්තුව ඉතිහාසයට එක්වෙයි.
කඳවුරු පරිශයේ ‘නා’පැළයක් රෝපණය කළ ආරක්ෂක ලේකම්තුමා ගජබා රෙජිමේන්තුවේ වාර්ෂික ශිෂ්‍යාධාර ප්‍රධානොත්සවයට එක්වූ අතර එහිදී ශිෂ්‍යාධාරලාභීන් 50 දෙනෙකු වෙත ශිෂ්‍යාධාර ප්රදානය කිරීම සිදුවිය. එහිදී ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 25ක්, අපොස සාමාන්‍යපෙළ විභාගය සමත් සිසුන් 15ක් අපොස උසස්පෙළ සමත් සිසුන් 05ක් සහ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 05ක් මෙහිදී ශිෂත්ව හිමිකර ගත්හ.
දිලංක ගුණතිලක