කිසිදු ආකාරයෙන් ජාතිවාදය අවුස්සන සුළු හෝ ජාතීන් / ආගම් අතර නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයේ හෝ අසමගිතාවක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ. මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත්කරන පුද්ගලයින්, කන්ඩායම් හෝ සංවිධාන සම්බන්දයෙන් දැනට පවත්නා හදිසි නීතිය යටතේ කිසිදු තරාතිරමක් නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.බී. අතපත්තු මහතා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අසත්‍ය ප්‍රකාශ හෝ කටකතා පතුරවන කුමන ආකාරයේ මාධ්‍යක් භාවිතා කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධානවලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක අංශ නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිවත් හදිසි නීතිය යටතේ නීතිය ක්‍රියාත්මක වන බැවින් සියලුම දෙනා එසේ කිරීමෙන් වැළකී සිටින ලෙසට ඔහු වැඩිදුරටත් දන්වා සිටියි.