කොල්ලකෑම් හා මනුෂ්‍ය ඝාතන කිරීමට තැත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අව්‍යශව සිටි සැකකරුවෙක් හා සැකකාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2018/11/27 ජාඇළ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ල කෑම, 2018/12/28 කෙසෙල්වත්ත, අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේදි වැල්ලේ සාරංග නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම තැත් කිරීම යනාදී චෝදනා මොවුන්ට එල්ල වී තිබේ.
ඊයේ (22දා) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අවුරුදු 29ක් වන වත්තල පදිංචි නාලක දිලීප් නොහොත් ආමි නාලක හා අවුරුදු 26ක් වන ඔහුගේ බිරිඳ වන වත්තල පදිංචි චාන්දනී සුදර්ශනි යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට පත්වන විට ඔහු සන්තකයේ හොරොයින් ග්‍රෑම් 5.220ක් තිබී ඇති අතර ඔහු දරුණු ඝනයේ අපරාධකරුවෙක් වන වැල්ලේ සුරංගගේ හොරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානම ගෝලයා බවද පොලීසිය පවසයි.