ආබාධිත රණවිරුවන්ට හා දිවි පිදූ රණවිරුවන්ට ලබාදෙන වැටුප් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා දිවි පිදූ හා ආබාධිත රණවිරු සංගමය සඳහන් කරයි.
ආබාධිත රණවිරුවන්ට හා දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වලට ලබාදෙන වැටුප වයස අවුරුදු 55න් පසු ඉවත් කිරීමට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අද (16දා) දින 07ක් ගත වී තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ මහතා සඳහන් කළේය.
අද (16දා) දිනයේදී සත්‍යග්‍රහයට සහය දැක්වීම සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩමකර සිටියහ.
මීට අමතරව රංගන ශිල්පී අර්ජුන කමලනාත් හා විශ්‍රාමික හමුදා නිලධාරී කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ