කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සත්‍යග්‍රහයක යෙදෙන අබාධිත රණවිරුවන්ගේ ප්රශ්නය ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී විසඳීමට නියමිත බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (18දා) පැවසීය.
මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කරුණ දැනුම්දුන් බවද සභානායකවරයා සඳහන් කළේය.
පසුගිය රාජපක්ෂ ආණ්ඩුව 2009 සිට 2015 දක්වා කාලය තුලදී රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳා නොමැති බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.