යුද්ධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටියදී යුද ප්රහාරයකින් පාද දෙකම අහිමි වූ සෙබලා ඝාතනය කර මළ සිරුර හොරවල තොටුපොළ ආසන්නේ වගුරු බිමක දමා තිබියදී අද (15දා) හමුවූ බව ඉත්තෑපාන පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ඉත්තෑපාන කරපාගල, යගිරල පදිංචිව සිටි පින්වත්ත ලියනගේ ජනක 44 තිදරු පියෙකි
ඔහු පැදවූ බව කියන තිරෝද රථය මළ සිරුර තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් ඈතින් තිබෙන ඉත්තෑපාන මීගම පාලම මත තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත
හිටපු හමුදා සෙබලා ඇවිදීමට භාවිතා කරනු ලබන ආධාරකය ද තිරෝද රථය තුළ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත
තිරෝද රථය සොයා ගන්නා සොයා ගන්නා අවස්ථාවේදී එහි වැසි ආවරණ පහතට හෙලා තිබු බව පොලිසිය කියයි
ඉකුත් 13 වැනි දින සවස හතරයි තිහට පමණ ත්රිරෝද රථයේ නැග නිවසින් පිටවූ සැමියා යළි නිවසට නොපැමිණි බවට ඔහුගේ බිරිඳ පෙරේදා 14 ඉත්තෑපාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී ප්රථමයෙන් 14 වෙනි දින ඔහුගේ තිරෝද රථය හමුවූ බව පොලිසිය කියයි
මෙම පුද්ගලයා ට තනිවම ගමන් කිරීමට නොහැකි බව ඔහුගේ බිරිඳ පොලිසියට කරන ලද ප්රකාශයක සඳහන් වේ
සෙබලාගෙ මළසිරුර මීගම පාලමෙන් ගඟට වැටෙන්නට ඇතැයි සැක සිතා ප්රදේශවාසීන් පොලිසිය හා නාවික හමුදා කිමිදුම්කරුවන් ද සමග මෙහෙයුමක් ක්රියාත්මක කරමින් සිටියදී හොරවල තොටුපල ආසන්නයේ මළ සිරුරක් තිබෙන බවට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන්ට සෙබලාගේ මළ සිරුර දැකගැනීමට හැකිවී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.ආබාධිත සෙබලගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.