ආනවිලුන්දා අභය භූමිය මැදින් මුතුපන්තිය ධිවර ගම්මානයට ගමන් ගන්නා මාර්ගයේ ඇළක සඟවා තිබු ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන ජීව පතොරම් තොගයක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ ( 19 ) සොයා ගෙන ඇත.
මෙසේ සොයා ගත් ගිනිඅවි සඳහා යොදන පතොරම් අතර මිලිමිටර් 9 පතොරම් 21ක්, එම් 16 පතොරම් 16ක් , එම්.පි.එම්.ජි (මැෂින් තුවක්කු ) පතොරම් 30 ක් මැෂින් තුවක්කු රදවනයක් ( ස්ටැන්ඩ් එකක්) ඇතුළු ජීව පතොරම් තොගයක් මෙසේ ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ දින සවස සොයා ගත් බව පැවසේ.
මෙම ජීව පතොරම් තොගය ආනවිලුන්දාව අභය භූමිය මැදින් මුතුපන්තිය ධිවර ගම්මානයට ගමන් කරනු ලබන මාර්ගයේ ඇළ පාරක පාර්සලයක බහා දමා තිබියදී එම ඇළ මාර්ගයේ දිය නාමින් සිටි කුඩා දරුවන් පිරිසක් දැක දෙමාපියන්ට දැන්විමේන් පසුව පොලීසිය දැනුවත් කර ඇති බවත් පසුව පොලීසිය පැමිණ මෙම ඇළ මාර්ගයේ තිබු ජීව පතොරම් තොගය රැගෙන ගිය බවද පැවසේ.
දැනට සිදුකරන ලද පරික්ෂණ වලින් අනාවරණය වි ඇත්තේ ආරක්ෂක අංශයක සේවය කරනු ලබන කිසිවකු විසින් මෙසේ ඇළට ගෙන දමන්නට ඇති බවයි . එසේම මෙම පතොරම් තොගය තිබු ආරක්ෂක අංශ සාමාජීකයා ප්රභු ආරක්ෂක අංශයට සම්බන්ධ අයකු වන්නට ඇතැයිද පොලීසිය සැකකරයි .
පුත්තලම - හිරාන් ප්රියංකර