විදේශ රටවලින් ආනයනය කරන පිටිකිරිවල ඌරුතෙල්, ගවතෙල්, එළවළු තෙල් හා විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බව ග්‍රාමීය ආර්ථික හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කළේය.
මේ නිසා ජනතාව ආනයනික පිටිකිරි භාවිතයෙන් ඉවත් වී දේශීය පිටිකිරි හා දියර කිරි භාවිතයට හුරුවිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් සකස් කර තිබෙන වැඩපිළිවෙළට අනුව 2025 වසර වන විට රට කිරිවලින් ස්වයංපෝෂිත වන බවයි.