ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂාවෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍යයි - වන්නිලැත්තෝ
ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍ය බව ආදිවාසී නායක වන්නිලා ඇත්තෝ පවසයි.
ලෝක ආදිවාසී සැමරුම සමරමින් දාඹාන ආදිවාසී ගම්මානයේ පැවති චාම් උත්සවයේදී අද (16) මේ බව පැවසීය.
“ මම නායකත්වයට පත්වෙලා අවුරුදු 23ක්. හැම අවුරුද්දකම අපි ලෝක ආදිවාසි දින සැමරුම් තියලා, රටපුරා ඉන්න ආදිවාසීන් එකතුවෙලා වරිග සභා තියලා, ආදිවාසීන්ගේ ගැටලු පවතින රජයන්ට දන්වලා තියෙනවා. තාමත් ආදිවාසීන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලැබිලා නෑ. හැමදාම අපි අපේ ගැටලු ගැන සාකච්ඡා කරනවා, ඒවා රජයට දැණුම් දෙනවා. ඊලඟ වසරෙදීත් ඒකමයි වෙන්නේ. ස්ථිර විසදුමක් ලැබෙන්නේ නෑ. මෙහෙම හැමදාම අපේ ප්‍රශ්න වලට ස්ථිර විසදුමක් නොලැබීම හොද නෑ කියලයි මම හිතන්නේ. ආදිවාසීන්ගේ අනන්‍යතාවය ආරක්ෂාවෙන ස්ථිර වැඩපිළිවෙලක් අවශ්‍යයි
මෙවර ලෝක ආදිවාසී දින සැමරුම් තේමාව බවට, එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් නම්කර ඇත්තේ “ ආදිවාසීන් හා කොවිඩ් 19න් ලෙසටය. එහිදී ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික ඥාණය වසංගත රෝග පැතිරිම වලක්වා ගන්නට උපයෝගී කර ගන්නේ කෙසේද යන්න පිළිබදවයි.
මහියංගණ - රංජිත් කරුණාජීව

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

