රටේ මිනිසුන් විශාල බයකින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිටින විට රාජ්‍ය ආයතන පවා ඒ සම්බන්ධයෙන් තීරණ අරගෙන නිවාඩු පවා ලබාදී ඇති මොහොතක ආදිවාසී ගම්මානයේ කෞතුකාගාරය වසා දමන්න තීරණය කළ බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සඳහන් කළේය.
රටපුරා කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග ඇති අවදානම් තත්ත්වය සලකා බලා ආදිවාසී ගම්වාසීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද එවන් තීරණයට එළැඹි බව මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (15) උදැසන ප්‍රකාශ කර සිටියේය.
ආදිවාසී නායකතුමන් වැඩිදුරටත් මෙලෙස සඳහන් කළේය,
“ මට ආරංචි උනා පිටරට ඉදලා ලංකාවට පැමිණි අපේ රටේම කණ්ඩායමක් ගුවන් තොටුපොළේදී පරික්ෂා කිරිමට විරෝධය පාලා විශාල කලබලයක් ඇති කරා කියලා. තමන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරමින් තමන්ගේ රටට විදේශ විනිමය ගෙන එනවා කියලා බලපෑම් නොකර රටේ අනිත් ජිවත් වෙන මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වෙලා , ඒ කථාව අනිත් පැත්තට කල්පනා කරලා අපි තමයි මේ රටට විදේශ විනිමය ගේන අය ඒ හින්දා බලෙන්ම ඉදිරිපත් වෙලා අපිව පරික්ෂා කරන්න කියලා ඉදිරිපත් වෙන්න ඒ කලබල කරපු අයට තිබුණා.
ආරක්ෂක අංශයේ අයට, නිලධාරින්ට බැණ තර්ජනය කර බලපෑම් කිරිම තුළින්ම ඒ අයම අනතුරට පත් උනා. ඒ අය අනතුරට පත් උනා පමණක් නොවෙයි, නිවෙස් වල ඉන්න පවුලේ සාමාජිකයින්, දෙමවුපියන් ආදී හැමොම අනතුරට පත් කලා. පස්සේ ඒ අයගෙන් ගමටත් රටටත් බෝවෙන්න පුළුවන්.
මම කල්පනා කරන විදියට රට අනතුරකට මුහුණ දෙමින් යන මේ මොහොතේ රටේ සියලු දෙනා එකම පවුලක සාමාජිකයන් සේ සිතා රටේ ආරක්ෂාව පෙරට තියලා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබෙනවා. අපේ රට තරම් වාසනාවන්ත රටක් ලොව නෑ කියලායි මම හිතන්නේ. 90%ක් පමණ බෞද්ධයන් ජිවත් වෙන රටක, මොන විනාශයක් පැමිණියත් ධර්මයේ බලයෙන් රට ආරක්ෂා කෙරෙනවා. බුදු සමයේ විශාලා මහනුවර තුන්බිය ඇති වෙච්ච මොහොතෙත් ධර්මයේ බලයෙන් එය තුරන් කරා.
ආදිවාසී ගම්මානයේ “ ආදිවාසී ජන උරුම කෞතුකාගාරය “ නරඹන්න , පාසල් වලින් විශ්ව විද්‍යාල වලින්, විදේශිකයන්, විශාල පිරිසක් පැමිණෙනවා. කොරෝනා වෛරස් තත්ත්ව සැලකිල්ලට ගෙන එය පහව යනතුරු කෞතුකාගාරය වහලා සංචාරකයන් පැමිණිම සිමා කරනවා.
සෙනසුරාදා ඉරිද වැනි නිවාඩු දවස් වල රටෙ වටේ විශාල පිරිසක් දඹාන ගම්මානයට පැමිණෙනවා. ඒ අන අයට ලෙඩ තියෙනවාද? නැද්ද කියලා හොයලා බලන්න ක්‍රමවේදයක් දඹානේ නෑ. ආණ්ඩුවත් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා තියෙන නිසා ආදිවාසී ගම්මානයේ ආරක්ෂාව හා ආදිවාසී ජනතාවගේ හා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා ගැන සලකා බලලා ආණ්ඩුවෙන් මේ සදහා විසදුමක් ලබාදී තත්ත්වය පහවගොස් යහපත් තත්ත්වයක් උදා උනා කියා කියන තුරු සංචාරකයන්ට ආදිවාසී ගම්මානයට පැමිණිම වැලැක් වුවා. දඹානට එන්න එපාම කියලා මට බලපෑම් කරන්න බෑ. එහෙම එනවානම් පැමිණෙන ඔබ ඔබගේ ආරක්ෂාවත් අපේ ගමේ ජනතාවගේ ආරක්ෂාවත් ගැන හිතලා පැමිණෙන්න කියා මම කියනවා. “ යැයි ප්‍රකාශ කර සිටියේය.
මහියංගණ - රංජිත් කරුණාවීර