රට තුල කොරෝනා රෝගින් ප්‍රමාණය ඉහළ යැමත් සමග, අඩු පහසුකම් සහිත ආදිවාසී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අද 25 දින සිට දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරිමට තමන් තීරණය කල බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේය.
රජය විසින් හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කිරිමකින් තොරව, ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ආදිවාසී කෞතුකාගාරය ඇතුලු ආදිවාසී ගම්මානය සංචාරකයන් සදහා විවෘත නොකිරිමට තමන් මෙම තීරණයට එලැඹි බව නායකතුමන් එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.