ආණ්ඩුව කොළඹ වටිනා ඉඩම් හා ගොඩනැගිලි විකිණිමට ක්‍රියාකරලා
මේ වන විට කොළඹ නගරයේ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි 15 කට වඩා වැඩි ප්‍රමාණයක් විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
අද වන විට රට තුළ ඇඳිරි නීතිය පනවා තිබුණත් පාරට බැස්සම තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක්. අද ඇඳිරි නීතිය වචන දෙකක් බවට පත් වෙලා. එදා ඇඳිරි නීතිය ගැන එව්වාම පාරේ මිනිස්සු හිටියේ නෑ. වාහන තිබුණෙ නෑ. කඩ ඇරලා තිබුණේ නෑ. අත්‍යවශ්‍ය සේවා පමණයි. විවෘතව තිබුණේ නමුත් අද සාමාන්‍ය දින වලටත් වඩා ජනතාව වාහන පාරේ ගමන් කරනවා.
ඒ අතරේ දේශපාලන වැඩත් සිදුවෙනවා පොහොට්ටුවේ පක්ෂ කාර්යාලය විසින් සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා දේශපාලන රැස්වීම් කැඳවන්න. පසුගිය සතියේ අපි දැක්කා සී. බී. රත්නායක, සරත් අමුණුගම ඇමැතිවරු විසින් රැස්වීම් පැවැත්වුවා. කොහොමද ඇඳිරි නීතියක් තිබෙන මොහොතක මහජනතාව කැඳවන්නේ. රටේ නීතියට මොකද වෙන්නේ එය දූෂණයට ලක් වෙලා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

