තිබුණ ආණ්ඩුවත් කර ගන්න බැරිවුන සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අද දෙකට බෙදිලා ආණ්ඩු හදන්න සුදානම් බවත් මොකටද ඔවුන්ට ආණ්ඩු හදන්න ජන්දය දෙන්නේ යැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසූවේ අනුරාධපුරයේ පිහිටි ජාතික ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (28දා)පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ සමයේ එක එක කතා කිව්වා රෑට රෑට ගෙවල්වලට එනවා, මං නිදා ගන්නෑ ,මං හිගන්නෙක් වගේ පාරේ ඇවිදිනවා කියා. දැන් ආයෙත් ඒ වැඩේ පටන් අරන් තිබෙනවා. ආණ්ඩුවක් තියන් ඉදලා ජනතාව දිපු ජනවරම අනුව කිසි දෙයක් කරන්න නැතිව ඉදලා එක හොරෙක්වත් අල්ලන් නැතිව ,මහ බැංකු කඩලා අතේ මාට්ටු වෙලා, ආපසු දෙනවාද ආණ්ඩු හදන්න. කොහොමද සජිත් ආණ්ඩු හදන්නේ. තිබුණ ආණ්ඩුවත් කර ගන්න බැරිවුන සජිත් හා රනිල් අද දෙකට බෙදිලා ආණ්ඩු හදනවා කියනවා.
මට හිතෙන්නේ සජිත් ප්‍රේමදාස මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙලා ආණ්ඩු හදනවා කියන එකයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපතිත්වය යටතේ ආණ්ඩුව හදන්න එකතුවනවා කියනවා. ඒ නිසා අප කියනවා රටේ ජනතාවට සජිත්ලට රනිල්ලට දෙනවා කියන්නේ මේ ආණ්ඩුවට ජන්දය දෙන එකයි. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව ජන්දය දෙනවා නම් ඒ දෙන්න තිබෙන්නේ මාලිමාවට පමණයි. සජිත් ප්‍රේමදාස මහතා රෑට රෑට ගෙවල් ගානේ යනවා කිව්වා වගේ සමහරවිට වයර් මාරුවුණ කතා ඉදිරියට තව කියාවි යැයි හෙතම වැඩිදුරටත් පවසා සිටියේය.
මේ ආණ්ඩුව කවදාවත් අත්සන් කරන්නේ නෑ කිව්වේ එම්.සී. සී ගිවිසුම අස්සන් කරන්න ආණ්ඩුව අද වෙනකොට පිඹුරුපත් සකස් කරමින් සිටිනවා. එම ගිවිසුම සඳහා කමිටු වාර්තා දෙකක් එළියට දැම්මා, මෙය අත්සන් කරලා මේ ආණ්ඩුව කියන්න හදන්නේ අපිට අත්සන් කරන්න සිද්ධ වුණා කියලා කියන්නයි. ඉරලා කුණු කූඩෙට දානවා කියලා ආණ්ඩුව ජනතාව රැවැට්ටුවා, මේ කමිටු වාර්තාවේ පැහැදිලිව තිබෙනවා බරපතළ වගන්ති ගණනාවක් අයින් කරලා මේ ගිවිසුම අත්සන් කරන්න පුළුවන් කියලා.
දැන් ආණ්ඩුව කියන්න හදනවා ගිය ආණ්ඩුව හොරෙන් අත්සන් කරල මුදල් අරගෙන තිබුණ නිසා අපිටත් අත්සන් කරන්න කියන කාරණාව. අපි අහන්නේ ජනාධිපතිවරයා කලින් මේ බව නොදැනද විරුද්ධව කතා කළේ. ඇමරිකානු තානාපති කාර්යාලයට හොඳ විශ්වාසයක් තිබෙනවා අගෝස්තු 5න් පස්සේ මේ රටේ හැදෙන ආණ්ඩුව ඇමෙරිකන් හිතවාදී ආණ්ඩුවක් කියලා. මොකද ගොරකා දඩ මස් කරලා එම් .සී.සී. ගිවිසුම හොඳ එකක් කරලා අත්සන් කරන්න හදනවා. අපේ ඉඩම් කොම්පැනි කාරයන්ට ගන්න පුළුවන් විදිහේ නීති සකස් කරන පාර්ලිමේන්තුවක් තමයි බිහි වෙන්නේ. කරුණාකරලා ජනාධිපතිවරයා මේ පිළිබඳ තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. පෙරේදා මෙහි කමිටු වාර්තාවේ දෙවැනි වාර්තාවත් එළියට දැම්මා එහි තිබෙනවා මෙම ගිවිසුමේ බරපතළකම ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ගිවිසුම් අත්සන් කරද්දී, සජිත් පාර්ශවයයි, රනිල් පාර්ශවයයි, හේවිසි වයලා, පාවඩ එලන්න බලන් ඉන්නවා.
