ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් අද (5දා) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රත්නායක මුදියන්සේලාගේ අජීත් හේමන්ත නැමති එක් දරු පියෙකි.
ස්ථානාධිපතිවරයා තවත් නිළධාරියකු සමග හදිසි වැටලිමක් සඳහා ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ආණමඩුව නගරයේ හෝරා ස්ථම්භයේ ගැටී බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණ පත්ව ඇති බව කියයි.