ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ ඇමති ආරක්ෂාව ඉවත් කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනාට ඉන් පසුවත් ඇමතිවරුන් වෙනුවෙන්ට ලබාදෙන ආරක්ෂාවම ලබාදි ඇති බවට මාධ්‍ය මගින් හෙළි කෙරිණි.