එක්සත් ජාතික පක්ෂය රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ පක්ෂය බවත් සියලු දෙනාම නැවත එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් ප්රජාතන්ත්රවාදී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
ආණ්ඩුව ගෙන යන මර්දනය කාරී සහ විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව සියලු බලවේග එකම වේදිකාවකට ගෙන එන බවත් ඔහු සඳහන් කළේ මොණරාගන පැවැති හමුවක් අමතමිනි.
ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ සියළු බලවේග කොන්දේසි විරහිතව ඒකරාශී වෙමින් ආණ්ඩුව ගෙන යන දුර්ධාන්ත පාලනයට එරෙහිව සටන් කළ යුතු බවයි.
හැටනම ලක්ෂයේ ජනතාව පවා බලාපොරොත්තු නොවූ ඒකාධිපතිත්වය ශක්තිමත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා වත්මන් ආණ්ඩුව ගොඩනගාගෙන ඇති බලය රටේ ප්රජාතන්ත්රවාදී පැවැත්මට එරෙහිව හානිදායක ලෙස යොදා ගැනීම වැළැක්වීම සියලු ජනතාවගේ බලාපොරොත්තුව සහ අරමුණ විය යුතු බවයි.
එක්සත් ජාතික පාක්ෂිකයන් මුළුදුන් ගැටලු සහ අභියෝග පිළිබඳ මෙන්ම පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද පක්ෂ ක්‍රියාකාරීන් ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ අරමුණ සහ දුරස්ව සිටින එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ශක්තිමත් ලෙසින් නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීමේ අරමුණෙන් දිස්ත්‍රික්ක මට්ටමන් වැඩසටහනක් ආරම්භ කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ජනවාරි මාසයේදී ප්‍රශ්න ජනතාව අතරට ගෙන යාම සඳහා සහ නැවත බලය අත්පත් කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩසටහනක් ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.