ශ්රීලනිප එජාප හවුල් ආණ්ඩුවේ සිවුවැනි අයවැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර එහි අවසන් ඡන්ද විමසීම ලබන දෙසැම්බර් මස 8 වැනිදා පැවැත් වේ.
මෙවර අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අසනීපයකට ප්රතිකාර ගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් සඳහා පිටරට යාමද ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබ ඇත.
මෙවර අයවැය ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳව තීරණාත්මක සාධකයක් හෙයින් ආණ්ඩුව එයට වැඩි අවධානයක් යොමුකර තිබේ. ඒ අනුව මෙසේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පිටරට යෑම තහනම් කර තිබේ.