රජය ලබන බදු ආදායමින් සියයට 86ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැයටකොට ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා තිබේ.
පසුගිය වසරේ (2020) සංඛ්‍යා දත්ත අනුව රජය ලැබූ සමස්ත ආදායම රුපියල් බිලියන 1216කි. එයින් වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් සඳහා වැයකරන ලද මුදල රුපියල් බිලියන 1051ක් බව ‘දේශය පුවත්පත’ වාර්තා කරයි.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 86කි. රටේ සෙසු සියලු වියදම් වෙනුවෙන් ඉතිරි වන්නේ රුපියල් බිලියන 165ක් තරම් සොච්චම් මුදලක් බවද එම පුවත්පත පෙන්වා දෙයි.
එහෙත් වාර්ෂික ණය පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 980ක් අවශ්‍ය බවත් දැනට ආණ්ඩුවේ ලොකුම බදු ආදායම වැට් බද්දෙන් ලබන බවත් එම පුවත්පත පෙන්වා දෙයි.
වසරකට ඉන් ලැබෙන ආදායම (2020දී) රුපියල් බිලියන 233ක. රජයේ වැට් බදු ප්‍රතිශතය සියයට 8කි. ඒ අනුව රටේ ණය පොලී ගෙවීමට වැට් බද්දෙන් ආදායම් සොයාගත යුතු නම් දැනට පවතින වැට් බදු අනුපාතය පාතය සියයට 32ක් දක්වා එනම් හතර ගුණයකින්වත් වැඩිකළ යුතු යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දී තිබේ.