කාන්තාවන් සඳහා සුරක්ෂිත රටක් බිහිකරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත් ආණ්ඩුව මාස එකහමාරක් තුළ රටේ කාන්තාවන් සහ දරුවන් දැඩි අනාරක්ෂිත තත්වයකට ඇද දමා ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි (එ.ජා.ප) රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.
මන්ත්‍රිවරිය මේ බව ප්‍රකාශ කළේ රත්තොට කයිකාවල පිහිටි කාර්යාලයේදි පැවති මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තා ස්වේඡා සංවිධානවල නියෝජිතවරියන් පිරිසක් හමුවු අවස්ථාවේදිය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරිය කියා සිටියේ අද වන විට බඩු මිල අහස උසට නැගලා .මේ තත්වය මත පිඩා විදින්නේ කාන්තාවන් .පසුගිය ජනාධිපතිවරණයේදි කතා කළ ආරක්ෂාව. සනිපාරක්ෂාව ගැන වේදිකා ගානේ බෙරිහන් දුන් නිලියෝ හා අනෙකුත් අය තනතුරු වරප්‍රසාද අරන් මේ පිළිබදව කාන්තාවන් ගැන දැන් වචනයක්වත් කතා කරන්නේ නැහැ. අපි එදත් අදත් බලය තිබුණත් නැතත් කතා කරනවා.
2020 වසරේ මුල් සති දෙක තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142ක්, බරපතළ ලිංගික අපයෝජන 42ක් සහ ළමා අපයෝජන 54ක් වාර්තා වී ඇති බව වගකිමෙන් ප්‍රකාශ කරන බවත් මෙවැනි තත්වයක් තුළ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාන්තා සංවිධාන ඉදිරියේදී රජයට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර ඇති බව සඳහන් කරන් මන්ත්‍රීවරිය සඳහන් කරනුයේ මේ පිළිබදව ඉදිරි කාන්තා දිනයේදි හෝ බලධාරින්ගේ අවධානය යොමු කරවිම තුළින් මෙවැනි දේ සිදු නොවිමට කටයුතු කරන ලෙස ඉල්ලා කාන්තාවන් සමග පෙරට ඒමට සුදානම් බවද මන්ත්‍රිවරිය පැවසුවාය
රත්තොට රුවන් ධනංජය