ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී කිසියම් මතභේදාත්මක තත්වයක් උද්ගතව නොවූ බවත් එම රැස්වීමේදී කිසිදු සාමාජිකයෙක් විසින් එහි වෙනත් සාමාජිකයෙකු වෙත චෝදනා කිරිමක් හෝ කිසියම් දෝෂ දර්ශනයට ලක් කිරිමක් සිදු නොවු බවත් හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
රටේ පවතින තත්වය පිළිබඳව හැඟීමකින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ උත්තරීතර බව පිළිබද අවබෝධයකින් යුතුව ඉතා වගකීමෙන් එම සාකච්ඡාව පැවැති බවට අවධාරණය කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කැඳවීමේ ලිපියෙහි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා හිටපු කථානායක” යන යෙදුම වෙනුවට “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා කථානායක” යනුවෙන් මුද්‍රණය වී තිබිම අතපසුවීමක් බව සියලුදෙනා විසින්ම පොදුවේ පිළිගත් අතර මේ මොහොතේ කාර්යාලයන්හි දෛනික ක්‍රියාවලිය සුපුරුදු නිලධාරීන් අතින් සිදු නොවන වාතාවරණය තුළ ආරාධනා ලිපිය සකස් කිරිමේදී එය නිලධාරියෙකු අතින් සිදු වු අතපසුවීමක් බවද මෙහිදී සඳහන් කර තිබේ.