ප්රජාතන්ත්රවාදී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන්ගෙන් තෝරා ගෙන පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුතු බව මහාමාර්ග අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ අද (16) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා,
“අපගේ ජනාධිපතිවරණ පනත අනුව, සැප්තැම්බර් 15 වෙනිදා සිට ඔක්තෝම්බර් මාසයේ තුන්වෙනි සතිය පාවිච්චි කිරීමේ කාලය තුළ මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනවා ජනාධිපතිවරණයේ නාමයෝජනා දිනය කැඳවන්න. ඒ වගේම ජනාධිපතිවරයෙක් ලංකාවට සිටිය යුතුයි දෙසැම්බර් 08 වෙනිදාට පෙර. ඒ අනුව එම ජනාධිපතිවරණයට නාමයොජනා දිනය කැඳවීමේ අවස්ථාව දැන් මැතිවරණ කොමිසටම ලැබී තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම කි‍්‍රයා කරයි. ඒ වගේම දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගේම ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ සංවිධාන වලින් අනුර කුමාර දිසානායක මහතා හා තවත් අපේක්ෂකයින් ගණනාවක් තමන් මැතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කරනවා.
අපේක්ෂකයින් පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගී තිබෙන්නේ ප්රජාතන්ත්රවාදී මෙම ආණ්ඩුව කරවන කඳවුරට තමයි අපෙක්ෂකයෙක් නම්කර නැත්තේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුවිය යුතු දේ පිළිබඳව අපේ අදහස අපි මීට ප්‍රථම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. පළමුවෙන්ම මේ ජනාධිපතිවරණයේ ප්රජාතන්ත්රවාදී කඳවුර ජයග්‍රහණය කර ඉදිරියට යන්න නම් පුළුල් ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට අනුකූල වූ සන්ධානයක් ගොඩනගාගත යුතුයි කියලා අපි යෝජනා කළා. මොකද ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් කියන්නේ පුද්ගලයෙක්ට නැතිනම් පුද්ගල කණ්ඩායමකට නෙමෙයි පුළුල්ව කාටත් ප්රජාතන්ත්රවාදීය තීරණ ගන්න පුළුවන් කි‍්‍රයාදාමයක් සහිත සන්ධානයක් නිර්මාණය කරගත යුතුයි කියන එක අපි ගිය වසරටත් එපිට සිට කියාගෙන එන කතාවක්. විශේෂයෙන්ම අර ප්රජාතන්ත්රවාදී අරගලය සමයේ එය වැදගත් උනා.
ඒ අනුව එහි පළවෙනි කොන්දේසිය පුළුල් ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන්ට අනුකූල වූ ව්‍යවස්ථාවක් සහිත ප්රජාතන්ත්රවාදී සන්ධානයක්. දෙවන එක ඒ සම්බන්ධයන් වූ නිශ්චිත කාලවකවානු සහිත වැඩපිළිවෙලක් මීළග අවුරුදු 5 ට. තුන්වනුව කාගේත් සම්මුතියෙන් පත් කර ගන්නා අපේක්ෂකයෙක්. අපි එම පළවෙනි කාරණය සාක්ෂාත් කර ගන්න පසුගිය අගෝස්තු 5 වෙනිදා උත්සාහයක් දැරුවා පුළුල් සන්ධානයක් පිහිටුවන්න.
එම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පිහිටුවීමේ උත්සාහයට පොඩි ගැටලුවක් පැන නැගුණා එක්සත් ජාතික පක්ෂයේ යම්කිසි පිරිසක් එම සන්ධානයේ ව්‍යවස්ථාවට යම් යම් ප්‍රශ්න මතු කිරීම නිසා. නමුත් අගෝස්තු මාසේ 24 වෙනිදා අපට පුළුවන් උනා අපට සාකච්ඡා කර එම ව්‍යවස්ථාවේ තිබූ ප්‍රශ්න සියල්ලම විසඳාගෙන පුළුල් ප්රජාතන්ත්රවාදී සන්ධානයකට අවශ්‍ය කරන ඒ ව්‍යවස්ථාව සහ සන්ධානයේ පක්ෂ හවුල් කරුවෝ කවුද කියන එක පිළිබඳ තීරණයකට එන්න.
අපේ යෝජනාව මෙය පුළුල් සන්ධානයකින් තරඟ කරන්න යන නිසාත්, එක්සත් ජාතික පක්ෂයට තවමත් මේ පිළිබඳව යෝජනාවක් සිදු කර ගැනීමට හැකියාවක් ලැබිලා නැති නිසාත් දැනට රජය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම මන්ත්‍රීවරු 106 ක් ඉන්නවා. එම 106 දෙනා වහාම කැඳවලා ඔවුනගේ බහුතර කැමැත්ත සහිත අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි අපගේ යෝජනාව. දැනට පාර්ලිමේන්තුවේ 106 න් 77 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අයිතියි. අනෙකුත් අය අනෙක් පක්ෂවලට අයිතියි. එතකොට අපගේ යෝජනාව මේක දිගටම, අරයද, මෙයාද, ජනමත සමීක්ෂණ ද නැද්ද කියලා සාකච්ඡා කර කර ඉඳීමෙන් අපි කාලය නාස්ති කරලා වැඩක් නැහැ. අපි වඩා ප්රජාතන්ත්රවාදී වෙමින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඉන්න 106 අතරින් සුදුසු ජනාධිපති අපේක්ෂකයා පත් කර ගත යුතුයි. එය වඩාත් ප්රජාතන්ත්රවාදීයි.
එම 106 දෙනාම ඇවිත් ඉන්නේ කවර හෝ ජනවරමකින්. ඒ වගේම එම අය පසුගිය කාල වකවානුව පුරා මේ ප්රජාතන්ත්රවාදී කඳවුරට අර්බුද ඇති වූ වෙලාවේ ඒවා රැකගන්න කටයුතු කරපු අය සිටිනවා. ඒ නිසා එම පිරිසට තමයි ප්‍රථම අයිතිය තිබෙන්නේ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරා ගන්න කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේක රටේ අලූත් ප්රජාතන්ත්රවාදී සම්ප්රදායක්. පුද්ගලයෝ නම් කර උඩින් පාත් කරනවා කියනවා, පැරෂුට් කාරයෝ ගේනවා කියනවා. එහෙම ගැටලුවක් නැහැ. දැන් මේ දෙපලටම පුළුවන් මේ 106 දෙනා ඉදිරියට ගිහින් සුදුසු අපේක්ෂකයා කවුද කියලා තෝරා ගන්න” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.