නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (21) පියවර ගනු ලැබීය.
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බවට පී. සී. ආර්. පරික්ෂාවේදී තහවුරු වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් මෙම තීරණයට එළඹ තිබේ.
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සේවකයන් පී. සී. ආර්.පරික්ෂාවන්ට ලක් කොට එහි ප්‍රතිපල මත යළි ඉදිරියේදී සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රාදේශීය සභාව විවෘත කිරීමට අවශ්‍ය පියවර බවද සෞඛ්‍ය අංශ පවසයි.
ශාන් හුලංනුගේ