කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඇදිරි නීතිය දැමීමත් සමග අස්වනු නෙළුමට ශ්රමිකයින් ගෙන්වා ගැනිමේ ගැටලුවෙන් කල්පිටියේ එළවළු පළතුරු විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි .
පවතින තත්වය හමුවේ රජය වගාබිම් වල කටයුතු වලට අවසර ලබා දී තිබුණද අස්වනු නෙළිම සදහා පිට ගම්මාන වලින් ශ්රමිකයින් ගෙන්වා ගැනිමේ ගැටලුවට ඇදිරි නීතිය බලපා තිබිම මෙයට හේතු වි ඇති බව වගාකරුවන් පවසයි.
කල්පිටිය අර්ධද්විපයේ එළවළු හා පළතුරු අස්වනු නෙළිමට 1000 කට ආසන්න පිරිසක් පිට ප්රදේශ වලින් පැමිණෙති.