ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
සමාජ සිරිත් විරිත්, සන්දර්ශන, ප්රකාශනයන්, දැනුම, කුසලතා, සංස්කෘතික අවකාශයන් සහ ඒ හා බැඳි භාණ්ඩ හා මෙවලම් යන අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් බටහිරකරණය, ගෝලීයකරණය, වාණිජකරණය ඇතුළු වෙනස් වන අභියෝග හමුවේ ආරක්ෂා කිරීම සඳහා %අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සුරක්ෂණය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය^ 2003 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව 2008 වර්ෂයේදී ශ්‍රී ලංකාව එම සම්මුතියට එකඟතාව පළ කර ඇති අතර, එම කාර්යය සඳහා දැනට වෙන්වූ නිශ්චිත ආයතනයක් නොමැති වීම හේතුවෙන් රජය විසින් මෙම ඒකකය ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.