අසාද් සාලි විසින් සිදුකල ප්‍රකශය සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව සදහා බාරදී ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
අමාත්‍ය චමල් රාජපක්ෂ මේ බව කියා සිටියේ ඊයේ අම්බලන්තොට බරවකුඹුක ප්‍රදේශයේ නව සතොස ශාඛාවක් විවෘත කිරීමේ උත්සවය සදහා එක්වීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අසාද් සාලි පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමක දී අමාත්‍ය චමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ එය වැරදි ප්‍රකාශයක් බවයි. නමුත් ඔහු ඒ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
'' සමාව ඉල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා නීතිමය වශයෙන් සිදු කළ යුතු කටයුතු සොයා බලා කොමිසන් සභාවලින් එන යෝජනා එක්ක බලලා රටේ නීති රීති සම්පාදනය කළ යුතු බවත් රටේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාවට වගකියන අයෙක් සිටිය යුතු බවත් ඒ සියල්ල පිළිබඳව කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් ඒ අතරතුර රටේ ත්‍රස්තවාදය පාලනය කිරීමට අවශ්‍ය නීතිරීති සැකසිය යුතු වෙනවා.
සීනි මිල පහළට ආපු හැටි කවුරුවත් කියන්නෙ නෑ. බදු අඩුකිරීම තුළ සීනි මිල පහළ ඇවිල්ලා තියෙනවා. සතොසෙ සීනි මිල රු.99 යි. මේවයෙත් ඇවිල්ලා බලන්න ඕන මිල කීයද කියලා. බඩු මිල උස් පහත් වෙනවා ඒක එක ගාණකට තියාගන්න බෑ. නමුත් මේකට ආදේශකයක් ලෙස කිතුල් හකුරු, පොල් හකුරු ආදියත් එන්න ඕන.
අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ කිතුල් අධිකාරියකුත් හදලා තියෙනවා. අපේ රටේ සීනි අවශ්‍යතාව සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරන්න බෑ. පිටරටින් ගෙන්නන්න වෙනවා. බදු අඩුකිරීම තුළ රජය භාණ්ඩාගාරයෙන් ගත් මුදලේ අඩුවීම නිසා ඒකෙ වාසිය එන්න ඕන ජනතාවට. ඒ වාසිය ජනතාවට ඇවිල්ලා තියෙනවා. ගිය ආණ්ඩුව බදු වැඩිකරලා කිවුවා සීනි කෑවොත් දියවැඩියාව හැදෙනවා කියලා. අපිට කියන්න වෙන්නෙ කිතුල්වලින් පොල්වලින් හකුරු හදාගන්න කියලා. ලෝක වෙලඳපොළේ බඩු මිල ඉහළ යනකොට අපෙත් මිල ඉහළ යනවා. අපි ඒ බඩු මිල පානය කරන්න ඕන.''