අසාද් සාලි මහතා කළ බව කියන ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේදී පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් එම පැමිණිලිවල ඔහු කළ ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවට එම පැමිණිලි වලින් සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“එම ප්‍රකාශය අනුව ආගම් හා ජාතීන් අතර විසංවාදයක් ඇතිවන බවත් එම පැමිණිලිවලින් සඳහන් කර තිබුණා. ඒ අනුව එම විමර්ශනය ආරම්භ කළා. මෙම විමර්ශනය කරන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මගින්. මෙම කණ්ඩායමට තවත් නිලධාරීන් 5ක් ඇතුළත් කර තිබෙනවා. මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය වල පළවීමෙන් පසුව යම් යම් අය අදහස් දැක්වීම් කර තිබෙනවා. එම අදහස් දැක්වීම් පිළිබඳවත් පරීක්ෂණ පවත්වනවා”