දහතුන් වන වියේ පසුවන මානසික ආබාධ සහිත දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැකපිට සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තණමල්විල ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙක් මේ මස 16දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ඊයේ (08දා) නියම කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ සෙවනගල පොලිස් වසමේ කිරිඉබ්බන්වැව පදිංචිකරුවන් වූ ගොඩැල්ලගේ ඉසුරු නවෝද්‍ය නොහොත් ඉසුරු, මහමඩ කපලූවගේ විල්ප්රන්, තණමල්විල ප්‍රාදේශීය සභා සභික රණවීර ආරච්චිගේ රණවීර නොහොත් නාලක (ශ්‍රීලංකා පොදුජන පෙරමුණ), එච්.ඒ. ප්‍රියංග කුමාර නොහොත් චමින්ද සහ සෙවනගල නුගේගල යායේ හෙට්ටිආරච්චිගේ ආනන්ද නොහොත් හීන් මාමා යන අයයි.
ලිංගික අපයෝජනය ලක් වූ දැරිය හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත. පාසල් දැරියක වන ඇය අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව පොලීසිය පැවසුවේය. මාස තුනක කාලයක පමණ සිට වරින්වර මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇතිබවට තොරතුරු ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් සෙවනගල පොලීසිය පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි. ප්‍රාදේශීය සභිකයා ඇතුලූ තිදෙනෙක් පොලීසිය මගහැර සිටියහ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් කරද්දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කීවේය.