අවසන් වසරේ වෛද්‍ය විද්‍යාල සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා යලි සරසවි වෙත කැඳවීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කර සිටියි.
එලෙස කැඳවනු ලබන සිසුන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බවත්
නේවාසිකාගාර වෙන් කිරීමේදී එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරයක් බැගින් වෙන් කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත එම ක්‍රියාව සිදුකරන බවයි ඔහු සඳහන් කර සිටියේය.